Anisansa

පන්සිල් සුරැකීමේ අනුසස්


01) සත්ව ඝාතනයෙන් වැලකීමේ ආනිසංස
* ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම.
* ජව සම්පත්තියෙන් යුක්ත වීම. 
* මහ පොලවෙහි පිහිටන පියවර ඇත්තෙකු වීම.
* රන් වන් පාට සිරුරක් ඇත්තෙකු වීම
* මෘදු මොලොක් සිරුරක් ඇත්තෙකු වීම.
* නිර්මල හා පිවිතුරු පැවතුම් ඇත්තෙකු වීම.
* සූර වීර ගති ඇත්තෙකු වීම.
* මහා බලවන්තයෙකු වීම.
* ලෝක සත්වයාට ප්‍රිය මනාප අයෙකු වීම.
* පහ කල දොස් අැත්තෙකු වීම.
* තැති නොගත් කෙනෙකු වීම
* විනාශ නොකල හැකි උතුමෙකු වීම.
* පර උපකුම වලින් අකල් මරණයට පත් නොවීම.
* සුරූපී පුද්ගලයෙකු වීම.
* මනා සටහන් ඇත්තෙකු වීම.
* අල්ප ආබාධ ඇත්තෙකු වීම.
* ශෝක නොකරන්නෙකු වීම.
* ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වන්නට නොවීම.
* දීර්ඝායුෂ ලබන්නෙකු වීම.
* මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම.
* කේලාම් කියා බිදවිය නොහැකි පිරිවර සම්පත් ලැබීම.

02) සොරකම් කිරීමෙන් වැලකීමේ ආනිසංස
* මහා ධනවතෙක් වීම.
* බොහෝ ධන ධාන්‍ය ලබන්නෙක් වීම.
* අනන්ත භෝග සම්පත් ඇති වීම.
* නූපන් වස්තුව උපදවීමට ශක්තිය ඇති වීම.
*  ඇත්තාවූ භෝග රැක ගැනීමේ වාසනාව.
* කැමති යම් වස්තුවක් වේද එය ලබන්නෙකු වීම.
* විනාශ කල නොහැකි වස්තුව ඇති වීම.
* සාධාරන ධන වාසනා ඇත්තෙකු වීම.
* ලෝකයේ උත්තමයෙකු බවට පත් වීම.
* නැත යන වචනය අසන්නෙකුවත් නොවීම.
* සැප විහරණ අැත්තෙකු වීම.

03) කාමයෙහි වරදවා නොහැසිරීමේ ආනිසංස
* සතුරන් නැත්තෙකු වීම.
* සියළු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම.
* ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම.
* සැපසේ නින්ද යාම.
* අපායට භය නැත්තෙකු වීම.
* ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම.
* ඒ ඒ දෙය පරීක්ෂා කරන්නෙකු වීම.
* කර නොබාගත් කෙනෙකු වීම.
* සැප විහරණ ඇත්තෙකු වීම.
* සැප සේ පිබිදීම.
* ආහාර පාන- ඇදුම් පැලදුම්-ඉදුම් හිටුම් අඩු පාඩු නොවීම.
* කාන්තා නපුංසක හෝ උහතෝ ලක්ෂණයට පත් නොවීම.
* සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම.
* ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹු සැමියන් ලැබීම.
* පිරිපුන් ඉදුරන් ඇති බව.
* පිරිපුන් ලක්ෂණ ඇති බව.
* සැක නැති පුද්ගලයෙකු වීම.
* මහන්සි නොවී ධනය ලබන්නෙකු වීම.
* ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම.

04) මුසා බස් නොපැවසීමේ ආනිසංස
* අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇති අයක් වීම
* මනා මිහිරි කටහඩක් ඇත්තෙකු වීම.
* සමානව පිහිටි සුදෝ සුදු දත් දෙපලක් ලැබීම.
* අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම.
* අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම.
* සැප ස්පර්ශ ඇත්තෙකු වීම.
* මහනෙල් සුවද ඇති මුඛයක් ලැබීම.
* සුවච කීකරු පරිවාර ජනයා ඇති වීම.
* නෙළුම් පෙත්තක් මෙන් මෘදු වූ රත් පැහැ දිවක් ලැබීම.
* උඩගු අදහස් (වැඩ) නැත්තෙකු වීම

05) මත් පැන් පානයෙන් වැලකීමේ ආනිසංස
* තුන් කල්හී කරන කටයුත්තක් වේද එය වහා වැටහෙන බව.
* සෑම කල්හී එළඹ සිහි ඇත්තෙකු වීම.
* උන්මත්තක නොවී ඉපදීම
* ඤාණවන්ත අයෙකු වීම
* අලස නොවීම.
* නොහික්මුණු ක්‍රියා නොකිරීම
* කෙළතොළු නොවීම.
* තරුණ මදයෙන් මත්වූ ස්වභාවයක් නැති බව.
* අප්‍රමාණ විහරණ ඇත්තෙකු වීම.
* මෝහයෙන් මුලා වී කටයුතු නොකිරීම.
* තැති ගැනීම් නැත්තෙකු වීම.
* එකට එක නොකරන බව.
* සත්‍ය වචන කතා කරන්නෙකු වීම.
* කළ ගුණ දක්වන්නෙකු වීම.
* කේලාම්, පරුෂ වචන හා හිස් චවන කතා නොකරන්නෙකු වීම.
* අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම.
* කල උපකාරයට ප්‍රති උපකාර කරන්නෙකු වීම.
* මසුරු මල ධර්ම නැත්තෙකු වීම.
* ත්‍යාගවන්තයෙකු වීම.
* මහා සිල්වතෙකු වීම.
* සෘජු ගති පැවතුම් ඇත්තෙකු වීම.
* පවු කිරීමට බිය ඇති ගුණවතෙකු වීම.
* මහා චින්තන ශක්තියක් ඇති අයෙකු වීම
* සෘජු අදහස් ඇත්තෙකු වීම.
* මහා ප්‍රඥාවන්තයෙකු වීම.
* දාර්ශණික අදහස් ඇති පණ්ඩිතයෙකු වීම.
* අර්ථය හා අනර්ථය ඇති පණ්ඩිතයෙකු වීම.
* අර්ථය හා අනර්ථය වැටහෙන හසල බුද්ධියක් ඇති වීම.

** අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.

No comments:

Post a Comment