Friday, April 29, 2016

පන්සිල් සුරකින සමාජයක්

නිසි කලට වැසි ලබන්නට,
බතින් බුලතින් සාර වන්නට,
රජ-මැති-ඇමති-උතුමෝ හා එරට වැසියෝ
රැකිය යුතුය පන්සිල්.


ලොව උතුම්ම බෞද්ධ රට ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාවේ වෙසන අපට දින පතා සෑම මොහොතකම දහම් කරුණු අසන්නට ධර්මානුකූල කටයුතු වල යෙදෙන්නට ඕනෑතරම් අවස්ථාව ඇත. නව තාක්ෂණයට පින්සිදු වන්නට නිතර දෙවේලේ බණ ඇසීමට අද ඕනෑතරම් අවස්ථාව තිබේ. කෙසේ වෙතත් අපි තරම් බණ අසන රටක් ලොව කොතැනකවත් නොමැති බව මගේ විශ්වාසයයි.එහෙත් අසන බණ කොතරම් දුරට පිළිපදින්නේද යන්න අද විද්‍යුත් මාධ්‍ය සහ පුවත් පත්, වෙබ් අඩවි බලන විට අපට පෙනේ. දිනෙන් දින අපරාධ ඉහල යන්නා සේම අපරාධයන්හී දරුණු ස්වභාවයද වැඩි වෙමින් පවතී. එයට හේතුව කුමක්ද?
තවත් කරුණක් නම් සිංහල ජාතිය මෙන්ම රට, ආගම ආරක්ෂා කර ගැනීමට දිවි හිමියෙන් කැපවන, ඉදිරිපත් වන පිරිස් ඕනෑ තරම් අප අටේ දක්නට ලැබේ. එය ඉතා හොද තත්වයකි. තම රට ජාතිය ආගම පිළිබද හැගීමක් දැනීමක් නැති මිනිසෙකුගෙන් රටට පලක් නැත. නමුත් මේ ඉදිරිපත්වන්නන්ගේ සත් භාවය කොතෙක්ද යන්න ගැටළු පවතී. විවිධ පටු ලාභ අරමුණු සදහා ජාතිය සහ ආගම ඉදිරියට දා ගනිමින් බඩ වඩා ගන්නා කුහකයන්ද මේ රට තුල සිටී. එසේ වන්නන් මෙන්ම සිංහල ජාතිය සහ බුද්ධාගම වනසන්නට ආ ඇතැම් පිරිස් නිසා අද සමාජය මහත් සේ පිරිහෙමින් පවතී. වැදගත්ම ප්‍රශ්ණය වන්නේ මේ තරම් බණ අසන රටේ ඒවා පිළිපදින්නේ කීයෙන් කී දෙනාද යන්නය. එනිසා අප මහා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අනුගමනය කරමින් දහම් මග ඔස්සේ නිවන් මග සාක්ෂාත් කර ගැනීම සදහා අඩුම තරමින් බෞද්ධයන් වන අප පන්සිල් වත් රැකිය යුතුමයත එබැවින් සැබෑ ලෙසම පන්සිල් සුරකින සමාජයක් නිර්මාණය කිරීම උදෙසා අප ගන්නා මේ උත්සාහය සාර්ථක වේවා...!!!